ගෙවුණු මාස කිහිපයේ රන් පවුමක මිල 12,000 කින් පහළට

ගෙවුණු මාස කිහිපයේ රන් පවුමක මිල 12,000 කින් පහළට

ගෙවුණු මාස කිහිපයේ රන් පවුමක මිල 12,000 කින් පහළට

කර්තෘ Staff writer

02 Jun, 2023 | 6:44 am

COLOMBO (News 1st) – ගෙවුණු මාසය තුළ මෙරට රන් පවුමක මිල රුපියල් 12,000 කින් පමණ පහළ ගිය බව ලංකා ස්වරණාභරණ සංගමය පවසයි.

එහි ලේකම් රත්න රාජා සරවණන් මහතා සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මිළ පහල ගොස් ඇති බවයි.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල එක් ලක්ෂ 72,000 සිට රුපියල් එක් ලක්ෂ 60,000 ක් දක්වා පහළ ගොස් තිබේ.  

කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක් ලක්ෂ 68,000 සිට රුපියල් එක් ලක්ෂ 55,000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]