අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

කර්තෘ Staff writer

02 Jun, 2023 | 7:57 am

COLOMBO (News 1st) –  අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. 

ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බවයි.

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළේ ය.

පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගැනිණ.

මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]