.webp)
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පහළ දමා ඇත්තේ, පදනම් ඒකක 250 කින් හෙවත් 2.5% කිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මාසය සඳහා සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් අද (01) උදෑසන මේ බව නිවේදනය කළේ ය.
උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ අගයක පවත්වා ගනු ලැබීය.
අද කළ සංශෝධනයන් අනුව, බැංකුවලට ණය සැපයීමේදී මහ බැංකුව අය කළ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% සිට 14% ක් දක්වා පහළ දැමුවේ ය.
මහ බැංකුව වාණිජ බැංකුවල ඉතුරුම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතිකය වන නිත්‍ය තැන්පතු අනුපාතිකය පහළ දමා ඇත්තේ, 15.5% සිට 13% දක්වායි.
මේ අනුව ඉදිරියේදී වෙළෙඳපොළ පොලී අනුපාතික ද ඊට සමගාමීව පහළ යනු ඇති.
මහ බැංකුව මෙම තීරණය ගෙන ඇත්තේ, උද්ධමනය අපේක්ෂා කළ මට්ටමටත් වඩා පහළ යෑම සැලකිල්ලට ගනිමිනි.