.webp)
COLOMBO (News 1st) – අනුරාධපුර, විජේපුර ප්රදේශයේ නිවසක ගෙවත්තේ වළ දමා තිබූ 50 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් අද (01)ගොඩ ගනු ලැබුවේ ය.
පොලිසිය සඳහන් කළේ, මළ සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගිය බවයි.
මෙය ඝාතනයක් ද යන්න සනාථ කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.
මිය ගිය කාන්තාවගේ ඥාති සහෝදරියක් මැදවච්චිය පොලිසියට කළ පැමිණිල්ලක් අනුව මෙම මළ සිරුර අද ගොඩ ගත්තේ ය.