දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් - ජාතික ඩෙංගු මර්දන ඒකකය

by Staff writer 01-06-2023 | 6:28 AM

COLOMBO (News 1st) - දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, මෙම සතිය තුළ ‍රෝහල්ගත වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පැවසීය.

වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.