ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්

by Staff writer 01-06-2023 | 5:32 AM

1. අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ - ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

2. ජනපති රනිල්ගෙන් අද (01) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් -  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01) දිනයේදී ජාතික අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත.

3. සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර CID අත්අඩංගුවට -  සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  බෲනෝ දිවාකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

4. දශක දෙකකට පසු යළි ත් උපන් බිමට යන්න හදන සක් සුරීන් - සක් සුරීන් එහෙමත් නැත්නම් මුතු රාජා හස්තියා මීට දශක දෙකකට පෙර තායිලන්ත රජය විසින් මෙරටට ප්‍රධානය කළා.

5. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට පත් කෙරේ - කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටී තිබූ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර තිබේ.