English
தமிழ்
කර්තෘ Staff writer
01 Jun, 2023 | 3:01 pm
COLOMBO (News 1st) – පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබේ.
ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරවයි.
ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව වසරක් හෝ ඉන් කොටසක් ගතවන සිරකරුවන්ට දින 14ක සමාවක් හිමි වනු ඇති.
දඩ මුදල් නොගෙවීම මත සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම ද මේ යටතේ සිදු වෙයි.
දඩ දඬුවම් ද ඇතුළත්ව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවම් නියම කර ඉන් වසර 20ක් ගෙවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිමට ද නියමිතයි.
අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිර දඬුවම නියමකර ඇති සිරකරුවන්ගේ සිර දඬුවම වසර 15කට අඩුකර මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට ක්‍රියාත්මක කිරීම ද මේ යටතේ සිදු වෙයි.
මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන්වී පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති රැඳවියන්ගේ පුනරුත්ථාපන කාලයේ ඉදිරි කාලය අහෝසි කිරීම සිරකරුවන්ට ලැබෙන තවත් සහනයකි.
සෑම බන්ධනාගාරයකින්ම තෝරා ගත් සිරකරුවන් පිරිසකට එලෙස ජනාධිපති සමාව හිමිවනු ඇති.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS