ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පළමු තැනට

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පළමු තැනට

ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවතුන් අතර පළමු තැනට

කර්තෘ Staff writer

01 Jun, 2023 | 6:42 am

COLOMBO (News 1st) – ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ.

ඒ, ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය විය.

ඉලෝන් මස්ක් යළිත් ධනවතුන් අතර පෙරමුණට පැමිණියේ, පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමගයි.

එම කොටස් පහත වැටීම හමුවේ බර්නාඩ් ආර්නෝල්ට දිනක් තුළ සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 11කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]