English
தமிழ்
කර්තෘ Staff writer
01 Jun, 2023 | 4:48 pm
COLOMBO (News 1st) – අර්බුදයෙන් අත්මිදීම සඳහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කර ඇත්තේ, ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ සංචාරයකින් අනතුරුවයි.
පාර්ලිමේන්තුව වෙත පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පිළිගෙන තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ය.
මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාව සාධනීය ප්‍රවේශයක් ලබා ගෙන ඇතැයි මෙහිදී ඔකමුරා මහතා පවසා ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් දක්වන කැපකිරීම ද අගය කර තිබේ.
මෙම සාධනීය ප්‍රවේශයන් ඔස්සේ ආර්ථික ස්ථායිකරණයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද කෙන්ජි ඔකමුරා මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා සහය දැක්වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මෙහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය ප්‍රසාදය ද පල කර ඇතැයි සඳහන් ය.
මේ අතර, ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවක නිරත විය.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔවුන් South Asia Gateway Terminal සහ කොළඹ ඩොක්යාඩ් සමාගමේ සංචාරයක නිරත වූ බවයි.
එම ආයතනවල මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කළ ධුත පිරිස අදාළ ආයතන මගින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය සහ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
දැනට සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු, සේවක සුබ සාධනය, බදු දායකත්වය පිළිබඳ ද එහිදි අවධානය යොමුව ඇතැයි සඳහන් ය.
ධූත පිරිසේ ප්‍රධානී IMF නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළේ අදාළ මෙහෙයුම් කටයුතු වඩාත් ආකර්ෂණීය ලෙස සිදු වෙමින් පවතින බවයි.
ඉන් අනතුරුව ධූත පිරිස කොළඹ වරාය නගරයේ සංචාරයකට එක්වී ඇති අතර විදේශ ආයෝජකයන් සඳහා රටේ පවතින නීති රාමුව සහ සහනදායි බදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ එහිදී ඔවුන්ගේ දැඩි අවධානයට යොමුව තිබේ.
04 Oct, 2023 | 06:52 PM
04 Oct, 2023 | 07:55 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS