.webp)
මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සංචාරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහබැංකු නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මීට අමතරව ඔහු කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපක් ද නිරීක්ෂණය කරනු ඇති.
මෙම සංචාරයේදී මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්රමයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපකට සහභාගි වීමට ඔහු සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.