.webp)
ඒ වෙනුවෙන් මිහින්තලාව හා අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පිංකම් රැසක් සංවිධානය කර ඇත.
මෙවර ජාතික පොසොන් සතියේ තේමාව 'නැගෙමු පිබිදෙමු යෙදෙමු සුරකිමු මිහිඳු මා හිමි දෙසූ දහම' යන්නයි.
ජාතික පොසොන් කමිටුවේ සභාපති අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා පැවසුවේ, පොසොන් සැමරීමට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් පහසුකම් සැලසීමට සැලසුම් සකස් කර ඇති බවයි.
පොසොන් සතිය තුළ අනුරාධපුරය නගරය ආශ්රිත විශේෂ රථ වාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ, දිය නෑමේදි සිදුවන අනතුරු වැළැක්වීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
මේ අතර මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සැදැවතුන්ගෙන් ඉල්ලීමක් කළේ, සංවරව පැමිණ මිහිදු හිමියන් වෙනුවෙන් සිය කෘත දැක්වීම සිදුකරන ලෙසයි.