සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර CID අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී බෲනෝ දිවාකර CID අත්අඩංගුවට

කර්තෘ Staff writer

31 May, 2023 | 5:54 pm

COLOMBO (News 1st) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී  බෲනෝ දිවාකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නීතීඥ, නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, නතාශා එදිරිසූරිය විසින් කරන ලද ප්‍රකාශය සාමාජ මාධ්‍ය වෙත මුදා හැරීම හේතුවෙන්, ඔහු අත්අඩංගුවට ගත් බවයි.

අද (31) උදෑසන 10 ට පමණ  බෲනෝ දිවාකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දන්වා ඇත.

ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ බෲනෝ දිවාකර  අත්අඩංගුවට  ගත් බව පොලිසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]