ජපානය සහ දකුණු කොරියාව තැති ගන්වමින් උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කරයි

ජපානය සහ දකුණු කොරියාව තැති ගන්වමින් උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කරයි

ජපානය සහ දකුණු කොරියාව තැති ගන්වමින් උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කරයි

කර්තෘ Staff writer

31 May, 2023 | 8:38 am

COLOMBO (News 1st) – උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කර ඇතැයි ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ තහවුරු කර තිබේ.

ඒ, උතුරු කොරියාව සිය ප්‍රථම අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කිරීමෙන් සුළු වේලාවකට පසුවයි.

ඒ සම්බන්ධව ජපානය ඔකිනාවාහි සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.

පසුව ජපාන බලධාරින් සඳහන් කළේ, රොකට්ටුව තම භූමියට කඩා වැටීමේ අවදානමක් නොමැති බවයි.

ජපානය පැවසුවේ, තම භූමියට තර්ජනයක් වන ඕනෑම දෙයක් බිම හෙළීමට සූදානම් බවයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවන් සඳහා ද ගුවන් ප්‍රහාර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි සඳහන් ය.

අදාළ රොකට්ටුව ගුවනේදී කැඩී බිඳී යාමට හෝ රේඩාර් පද්ධතියෙන් අතුරුදහන් වීමෙන් පසු කඩා වැටීමට ඉඩ ඇති බැවින් තමන් එයට සූදානමින් සිටින බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කළේ ය.

උතුරු කොරියාව මීට පෙර ප්‍රකාශ කළේ, අමෙරිකානු හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 11 වනවිට චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර ඇති බවයි.

බැලස්ටික් මිසයිල තාක්ෂණය භාවිත කරන ඕනෑම උතුරු කොරියානු ගුවන්ගත කිරීමක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනා කිහිපයක් උල්ලංඝණය කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]