.webp)
නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට එරට නීතිඥවරයෙකු සමග සාකච්ඡා කරමින් ඇති බවයි.
ඔහු හරහා එරට අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව ඉන්දීය රජය ඉල්ලා ඇති වන්දි මුදල මෙරටට වන්දි මුදලට එක්කර අධිකරණයට වාර්තා කිරීමට ද තීරණය කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, සිංගප්පූරු අධිකරණයේ දැනට විභාග වෙමින් ඇති නඩුවේදී අදාළ වන්දි මුදල් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.
ඊට අදාළ ගණනය කිරීම් ක්‍රියාත්මක බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසර පද්ධතියට වූ හානියට වන්දි ඉල්ලා මෙරට අධිකරණයක නඩු පැවරුව ද ඒ සම්බන්ධව එංගලන්ත අධිකරණයෙන් ලබා දුන් වන්දි සීමාවට යටත්විමට සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ කළේ ය.
සිංගප්පූරු අධිකරණයේ පැන වූ නඩුවට ද එම වන්දි සීමාව වලංගු වන බවයි.
ඒ අනුව, අදාළ වන්දි සීමා සම්බන්ධයෙන් එංගලන්තයේ ලන්ඩන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.
මේ අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මෙරට පරිසරයට වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු මහාධිකරණයේ පනවා ඇති නඩුව එරට ජාත්‍යන්තර වාණිජ අධිකරණය හමුවේ කැඳවීම පිළිබඳ ලක් රජයේ තීරණය අනිද්දා (01) දැනුම් දෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ නඩුව මෙහෙයවන නීතිඥ සාමාගමට ඊට අදාළ උපදෙස් දීමට පියවර ගන්නා බවයි.
නඩුව අනිද්දා සිංගප්පූරු මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
මේ අතර එක්ස්ප්‍රස් පර්ල් වන්දි වාර්තාව සම්බන්ධයෙන් වන සංශෝධන කිහිපයක් සකස් කිරීම සඳහා සමුද්‍රීය පරීසර ආරක්ෂණ අධිකාරීයට අවශ්‍ය උපදෙස් ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.