.webp)
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පෙන්වා දුන්නේ, සිල්ලර වෙළෙඳපොළට ආනයනික බිත්තර නිකුත් කරන්නැයි විශාල වශයෙන් මහජන ඉල්ලීම් ලැබෙමින් ඇති බවයි.
කෙසේ නමුත් ඔහු සඳහන් කළේ, ආනයනික බිත්තර, හෝටල් සහ බේකරි ඇතුළු බිත්තර ආශ්රිත කර්මාන්ත වෙත පමණක් නිකුත් කරන බවයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙරට බිත්තර අවශ්‍යතාව පිළිබඳ කරන ලද අධ්‍යනයකින් පසුව එම බිත්තර මෙරටට ගෙන ඒමට තීරණය කර ඇත.
මේ අනුව දෛනිකව බිත්තර මිලියනක් ඉන්දියාවෙන් ආනයනයට අවසර ලබා දුන් බව ආසිරි වලිසුන්දර මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, මිලියන 7 ක දෛනික අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් එම පියවර ගත් බවයි.
මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය මිලියන 4 ක් බව ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර බිත්තර මෙරටට ආනනයනය කිරීම පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාවට ගිය බව වෙළෙඳ අමාත්‍යාංශය ලේකම් රංජිත් අතපත්තු මහතා සඳහන් කළේ ය.
ඒ අනුව ඉන්දියාවෙන් තෝරාගත් ගොවිපොළ 2 කින් මෙරටට බිත්තර ආනයනයට පියවර ගැණෙනු ඇති.