ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි

ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කෙරේ

by Staff writer 30-05-2023 | 4:55 PM

COLOMBO (News 1st) - ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම ජුනි 01 දා සිට අනිවාර්ය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුයේ, මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බවයි.

ඒ බව අනාවරණ වී ඇත්තේ, 2021 - 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී  ය. 

මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.