ඉන්දියාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ.

ඉන්දියාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ.

ඉන්දියාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනට දුන් ණය වැඩසටහන වසරකින් දීර්ඝ කෙරේ.

කර්තෘ Staff writer

30 May, 2023 | 9:14 pm

COLOMBO (News 1st) – ඉන්දියාවෙන් මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීමට අදාළව ලබාදී තිබූ  අමෙරිකානු  ඩොලර් බිලියනයක ණය පහසුකම තවත් වසරකින් දිර්ඝ කිරීමේ ගිවිසුමකට අද (30) අත්සන් තැබිණ.

 ගිවිසුමට අද අත්සන් තැබුනේ, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ යි. 

පසුගිය වසරේ මාර්තු මාසයේදී මෙම ණය පහසුකම ශ්‍රී ලංකාවට හිමිවිය.

මේ අවස්ථාවට එක් වෙමින් අදහස් පල කළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, ඩොලර් බිලියනයක ණය මුදලින් ඩොලර් මිලියන 576 ක් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ඇති බවයි.

අද අත්සන් කළ ගිවිසුම අනුව, ඉතිරි ඩොලර් මිලියන 424 කට ආසන්න මුදලින් ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තවත් වසරකට අවස්තාව හිමිවනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]