.webp)
නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග අදාළ මුහුදු ප්‍රදේශය නිරීක්ෂණය කළ බවයි.
එහිදී කිසිදු තෙල් හෝ රසායනික ද්‍රව්‍ය විසිරීමක් නීරීක්ෂණය නොවන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව ලිඛිතව වාර්තා කර ඇතැයි, එම නිවේදනයේ සඳහන් වේ.
අදාළ මුහුදු ප්‍රදේශය වැඩිදුර නිරීක්ෂණය සඳහා සහ අදාළ ප්‍රදේශයේ නියැදි ලබා ගැනීම සඳහා සිය අධිකාරියේ විශේෂ කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශයට ගොස් ඇතැයි, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.