පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් රිමාන්ඩ්

පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ්

by Staff writer 29-05-2023 | 3:54 PM

COLOMBO (News 1st) - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකාර හිමියන් අද (29) පස්වරුවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආගමික සංහිදියාවට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට වූ චෝදනාවකට පූජ්‍ය රාජාංගනේ සද්ධාරතන හිමියන් අනුරාධපුර, ශ්‍රාවස්තීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි.