English
தமிழ்
කර්තෘ Staff writer
28 May, 2023 | 2:20 pm
16 වැනි වරට දිග හැරුණු IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබා ගත්තේ සිව්වරක් IPL කිරුළ දිනූ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ එක් වරක් පමණක් ශූරයින් වී සිටින ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අවස්ථා 5කදී IPL ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, මෙවර ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයකට ලක්වූයේ, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ දැක්වූ දක්ෂතා හේතුවෙනි.
මේ වන විට ඔවුන් ඉන්දීය ක්‍රීඩාලෝලීන් අතර ද අතිශයින් ජනප්‍රියය ක්‍රීඩා තරුදෙකක් බවට පත්වී හමාරය.
අඛණ්ඩව දෙවැනි වරටත් ශූරයින් බවට පත්වීම සඳහා හර්දික් පාණ්ඩ්‍යාගේ නායකත්වයෙන් බල ගැන්වුණු ගුජරාට් ටයිටන්ස් අද තරග එක්වෙද්දී , IPL කිරුළ 5වන වරටත් තම කණ්ඩායම සතුකර ගැනීමේ අරමුණ ඇතිව ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද තරග බිමට එක්වේ.
තීරණාත්මක අවසන් මහා තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7යි 30ට අහමදාබාද්හිදී පටියේ දී ආරම්භ වීමට නියමිතයි.
20 Sep, 2023 | 06:59 PM
20 Sep, 2023 | 03:45 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS