ඇලකට වැටී මිය ගිය මල් කැකුළ

රාජාංගනය ජලාශයේ වාරි ඇළට වැටී දරුවෙකු මිය යයි

by Staff writer 28-05-2023 | 11:19 AM

COLOMBO (News 1st) - තඹුත්තේගම, යාය 4 ප්‍රදේශයේදී රාජාංගනය ජලාශයේ වාරි ඇළට වැටී දරුවෙක් මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ජලයේ  ගිලී බරපතල තත්ත්වයෙන් පසුවූ දරුවා රාජාංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

මියගිය බිළිඳාගේ වයස අවුරුද්දයි මාස 8 යි

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.