මෙල්බර්න් සිට කටුනායකට පැමිණි ගුවන් යානයක සිටි ලාංකිකයෙක් මරුට..

මෙල්බර්න් සිට කටුනායකට පැමිණි ගුවන් යානයක සිටි ලාංකිකයෙක් මරුට..

මෙල්බර්න් සිට කටුනායකට පැමිණි ගුවන් යානයක සිටි ලාංකිකයෙක් මරුට..

කර්තෘ Staff writer

28 May, 2023 | 11:17 am

COLOMBO (News 1st) – ඕස්ට්‍රේලියාවේ,මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක සිටි මගියෙකු හෘදයාබාධයකින් මියගොස් තිබේ. 

පොලීසිය සඳහන් කළේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. – 605 දරන ගුවන් යානය, ගුවන්ගතවී මද වේලාවකට පසුව මෙම මගියා මියගොස් ඇති බවයි.

එම අවස්ථාවේ යානය මෙල්බර්න් බලා හරවා නොගොස් කටුනායක බලා පියාසර කරවීමට නියමුවන් කටයුතු කර ඇත.

මියගොස් ඇත්තේ, යාපනයේ පදිංචි 75 හැවිරිදි ශ්‍රී ලාංකික පුද්ගලයෙකි.

මළ සිරුර, මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]