ප්‍රවීණ නිවේදිකා, මනෝ විද්‍යා උපදේශක රත්නා පුෂ්පකුමාරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදිකා, මනෝ විද්‍යා උපදේශක රත්නා පුෂ්පකුමාරි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නිවේදිකා, මනෝ විද්‍යා උපදේශක රත්නා පුෂ්පකුමාරි අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

28 May, 2023 | 2:46 pm

COLOMBO (News 1st) – ප්‍රවීණ නිවේදිකා, මනෝ විද්‍යා උපදේශක රත්නා පුෂ්පකුමාරි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඇය මියයන විට වයස අවුරුදු 61 කි.

ගුවන් විදුලි නිවේදිකාවක ලෙස සිය මාධ්‍ය දිවිය ආරම්භ කළ ඇය, 90 දශකය ආරම්භයේදී මෙරට තුළ ජනාදරයට පත් රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාවක් වූවා ය.

සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියේ සාමාජිකාවක වූ ඇය, මනෝවිද්‍යා උපදේශකවරියක ලෙස දහස් ගණනකගේ සිත් සතන් සුවපත් කළා ය.

අභාවප්‍රාප්ත රත්නා පුෂ්පකුමාරි මහත්මියගේ දේහය හෙට (29) උදෑසන සිට මහජන ගෞරවය සඳහා කොළඹ සුදර්ශියේ තැන්පත් කර ඇත.

අනිද්දා (30) උදෑසන සිට බදාදා පස්වරුව දක්වා දේහය තැන්පත් කර තැබෙන්නේ, බොරැල්ල පෞද්ගලික මල් ශාලාවකයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පස්වරු 5.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]