අ.ඩො. මිලියන 120ක වියදමකින් ඉදිකළ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

අ.ඩො. මිලියන 120ක වියදමකින් ඉදිකළ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

අ.ඩො. මිලියන 120ක වියදමකින් ඉදිකළ ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

කර්තෘ Haindu Gihan

28 May, 2023 | 2:55 pm

COLOMBO (News 1st) – ඉන්දියාවේ නව පාර්ලිමේන්තු සංකීර්ණය  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ප්‍රධානත්වයෙන් අද (28)  විවෘත කෙරිණි.

වසර 96කට පෙර ඉදිවුණු පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වර්තමාන අවශ්‍යතා සඳහා යෝග්‍ය නොවන බැවින්,නව දිල්ලි අගනුවර,වර්ග මීටර් හැට හතර දහස් පන්සීයක විශාලත්වයෙන් යුත් නව ගොඩනැගිල්ල ඉදිකරන ලදී.

අමෙරිකානු ඩොලර් මිලියන 120 ක පමණ වියදමින් ඉදිකර ඇති එහි ලෝක් සභා ගර්භයේ මන්ත්‍රීවරුන් 888 දෙනෙකුට සහ රාජ්‍ය සභා මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් 300 දෙනෙකුට සුවපහසු ලෙස අසුන් ගත හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

නව පාර්ලිමේන්තු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය වෙනුවෙන් ඉන්දීය රජය රුපියල් 75ක සමරු කාසියක් ද නිකුත් කරනු ලැබුවේ ය.
 
කෙසේ නමුත් පාර්ලිමේන්තුව විවෘත කිරීම, එරට ජනාධිපතිවරයාට හෝ වෙනත් සුදුසු ආරාධිතයෙකුට ලබා නොදී අගමැති මෝදී විසින්ම සිදු කිරීම විවිධ පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්ව තිබේ.

මේ හේතුවෙන් දේශපාලන පක්ෂ 19ක් අද විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවන බව මීට පෙර නිවේදනය කළේ ය.

ජනාධිපතිවරයා නොමැතිව පාර්ලිමේන්තුවට ක්‍රියා කළ නොහැකි බවත් විවෘත කිරීමේ උත්සවයේදී අග්‍රාමාත්‍යවරයාට ප්‍රමුඛ භූමිකාවක් හිමිවීම ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සෘජු ප්‍රහාරයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]