.webp)
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, වෙළෙඳපොළ අවශ්‍යතාව මත එලෙස බිත්තර ආනයනය කරන බවයි.
දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20 ක් ආනයනය කර ඇති බව, ඔහු සඳහන් කළේ ය.
ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ, ඉන් මිලියන 10 ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.
ආනයනය කළ බිත්තරයක් රුපියල් 35 ක මිලක් යටතේ බේකරි, බිස්කට් නිෂ්පාදන, කේටරින් සේවා සහ ආපනශාලාවලට නිකුත් කරන බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ ය.