.webp)
මෙම රෝගය මේ වනවිට වාර්තා වන්නේ කුරුණෑගල, හොරොම්බාව ප්‍රදේශයෙනි.
ගව පට්ටි පාලනයේ නිරත ගොවීන් ප්‍රකාශ කළේ, ඇතැම් ගව පට්ටි ආශ්‍රිතව මේ වනවිට මෙම රෝගය ව්‍යාප්ත වී ඇති බවයි.
උණ සහ සමේ ගැටති ඇතිවීම මෙම රෝගයේ මූලික ලක්ෂණයන් වන අතර කිනිතුල්ලන්, මැස්සන්, මදුරුවන් ආදීන්ගෙන් ද රෝගය බෝවන බවට වාර්තාවේ.
මේ සඳහා ප්‍රතිකාර ලෙස එන්නත්කරණය භාවිත කරන අතර ආසාදිත සතුන් වෙන් කර තබා ගැනීමෙන් මෙම රෝගය ව්‍යාපාත වීම යම්තාක් දුරට පාලනය කරගත හැකියි.
අප්‍රිකානු රටවලින් ආරම්භ වී ඇති මෙම රෝගය ලංකාවෙන් මුල් වරට වාර්තා වී ඇත්තේ, 2020 වර්ෂයේදීය.
මෙම මස දෙවැනිදා මෙම රෝගය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව, මානින්ගමුව, අන්දරවැව, කුඩාඇහැටුවැව ආදී ගම්මාන රැසකින් ද වාර්තා විය.