.webp)
ඒ, මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 85 කි.
මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ ඒ මහතා වයස අවුරුදු 17 දී "අපට අවශ්‍ය ලෝකය" මැයෙන් වූ රචනාව වෙනුවෙන් රයිට් රන් සම්මානය දිනා අමෙරිකානු සංචාරයකට අවස්ථාව හිමිවිය.
එහිදී සෙනෙට් සභික ජෝන් එෆ් කෙනඩි හා ජනාධිපති අයිසන් හවර් මුනගැසීමේ අවස්ථාව ධනපාල මහතාට හිමිවිය.
ධනපාල මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය තුළ බ්‍රිතාන්‍ය, චීනය, අමෙරිකාව හා ජිනිවාහි සේවය කර ඇත.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.
1984 - 1987 දක්වා ජිනිවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයා ලෙස ද 1995 - 1997 කාලසීමාවේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළේ ය.
ලෝක නිරවිකරණ ඉතිහාසයේ මං සලකුණක් ලෙස සැලකෙන න්‍යෂ්ටික නිරවිකරණ ගිවිසුම් සමාලෝචන හා ව්‍යාප්ත කිරීම් සමුළුවේ සභාපතිවරයා ලෙස ධනපාල මහතා ඉටුකළ භූමිකාව ජාත්‍යන්තරයේ ප්‍රසංශාවට ලක්විය.
2004 - 2005 කාලවකවානුවේ මෙරට සාමක්‍රියාවලියේ සම්බන්ධීකරණ සඳහා වූ ලේකම් කාර්යාලයේ මහලේකම්වරයා ලෙස ද කටයුතු කළ ජයන්ත ධනපාල මහතා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ධුරය සඳහා ඉදිරිපත් කිරීමට එවක රජය සූදානම් වුවත් ඊට හරස් වුයේ, මෙරට 30 වසරක යුද්ධයයි.