වැරදුණු පැහැර ගැනීමේ තැත...

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි 06 දෙනෙකු පොලිස් දැලේ..

by Staff writer 27-05-2023 | 3:06 PM

COLOMBO (News 1st) - කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය දෙමටගොඩ, වේලුවනාරාමය අසලදී කළ වැටලීමකදී සැකකරුවන් සහ අදාළ පුද්ගලයින් පැහැරගෙන යමින් සිටි ත්‍රී රෝද රථය සහ යතුරුපැදිය ද සිය භාරයට ගත බවයි.

අවුරුදු 22ත් 28ත් අතර වයස්වල සැකකරුවන් කොළඔ 09 සහ 10 ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

පැහැරගැනීමට ලක්ව ඇත්තේ වත්තල, හැඳල අටැම්පොලවත්ත පාර, පදිංචි කාන්තාවක් සහ මාකොළ දකුණ, ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.