ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට..

කර්තෘ Staff writer

27 May, 2023 | 3:18 pm

COLOMBO (News 1st) – මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව ඊයේ (26)  දිනයෙන් අවසන් වූ ගෙවුණු සතිය තුළදී ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ.

ඒ සතිය ආරම්භයේදී පළවුණු ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ පුරෝකථනයන් හේතුවෙනි. 

එම කාල සීමාවේදී අමෙරිකානු වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් සත 34 කිනුත්, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් සත 63 කිනුත් ඉහළ ගි‌යේ ය.

අද (27) අමෙරිකානු වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල දැක්වුයේ, අමෙරිකානු ඩොලර් 72යි සත 67 ක් ලෙසය. 

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76යි සත 95 ක් ලෙස සටහන් විය .

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]