G7 නායකයින් ගත් තීරණ ජනපතිගේ පැසසුමට..

G7 නායකයින් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව ප්‍රසාදය පළ කරන බව ජනපති කියයි

by Staff writer 25-05-2023 | 3:31 PM

COLOMBO (News 1st) - හිරෝෂිමා නුවරදී G7 නායකයින් ගත් තීරණ පිළිබඳව ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

ජපානයේ නික්කෙයි සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත්, ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාව සඳහා උපාය මාර්ග වෙනුවෙන් අදාළ තීරණවලට එළැඹ ඇති බවයි.

G7 කණ්ඩායම, සංවර්ධන වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමග සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක්  අනුගමනය කිරීමට එකඟවී ඇතැයි ද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිපාදක බහුපාර්ශවික වෙළෙඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බවයි.