.webp)

COLOMBO (News 1st) – නැනෝ පොහොර ආනයනයේදී යම් දූෂණයක් සිදුවී ඇත් ද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඉහළ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ය.
මේ පිළිබඳව දැනට ඉදිරිපත්ව ඇති පෙත්සම් සහ විගණකාධිපති වාර්තාවන් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුව පත් කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් කියා සිටියේ ය.
චීන කාබනික පොහොර නැවට ඩොලර් මිලියන 6.09ක මුදලක් ගෙවීම මෙන්ම නැනෝ දියර පොහොර ආනයනයෙන් රටේ කෘෂිකර්මාන්තයට කිසිදු ප්‍රයෝජනයක් අත් වී නොමැති බව ද, අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ය.
