.webp)

COLOMBO (News 1st) – අබිරහස් ලෙස මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර අද පෙරවරුවේ ගොඩ ගැනුණි.
ඒ , කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ඉදිරියේදී ය.
ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබුණි.
