ජනක ඉවත් කරන යෝජනාව සම්මතයි..

PUCSL සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 24-05-2023 | 5:21 PM

COLOMBO (News 1st) - මහජන උපයෝගීතා කොමිසමේ(PUCSL) සභාපති ඉවත්  කිරීම සඳහා වූ ඡන්ද විමසීම අද (24) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැති විය.

ඒ අනුව යෝජනාව, වැඩි ඡන්ද  46කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 77ක් හිමි විය.

සභාපති ඉවත් කිරීම සඳහා වූ යෝජනාව සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

යෝජනාව සඳහා වූ විවාදය, විදුලි බල සහ  බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ආරම්භ කළේ ය.