ඩෙංගු අධිඅවදානම් කලාප 61ක් නම් කෙරේ

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 61ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කෙරේ

by Staff writer 24-05-2023 | 6:32 AM

COLOMBO (News 1st) - දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 61ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඉන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 15ක් පසුගිය දිනවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්වන බවය.

මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,560 කි.

සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 50% ට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇත්තේ, බස්නාහිර පළාතෙනි.

ඉන් ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 8200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7600ක් හඳුනාගෙන ඇත.

සමස්ත රෝගීන්ගෙන් 25% ප්‍රමාණයක් වයස අවුරුදු 5 - 19 වන බව වැඩිදුරටත් පැවසීය.