අතුරුගිරිය සහ මීගොඩ බස් සේවකයින් වර්ජනයක

අතුරුගිරිය සහ මීගොඩ බස් සේවකයින් වර්ජනයක

by Staff writer 24-05-2023 | 8:23 AM

COLOMBO (News 1st) - ධාවන අංක 170 අතුරුගිරිය - පිටකොටුව සහ ධාවන අංක 190 මීගොඩ - පිටකොටුව බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, බස් රථ රියැදුරෙකුට පොලීසිය විසින් කළ පහරදීමක් හා අත්අඩංගුවට විරෝධය පළ කරමිනි.

සිද්ධිය සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් රියැදුරාට පහරදුන් බවට එල්ල වන චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

සැකකාර බස් රථ රියැදුරා මීට පෙර බොහෝ අවස්ථාවල මාර්ග නීති උල්ලංඝණය කරමින් අධික වේගයෙන් බස් රථ ධාවනය කර ඇති බවට මගීන්ගෙන් පැමිණිලි කිරීම් එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය.

සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.