පේරාදෙණිය සිසු විරෝධයට,පොලීසියෙන් කදුළු ගෑස්

by Staff writer 23-05-2023 | 3:22 PM

COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවකට පොලීසිය (23) කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.

රජය විසින් ක්‍රියාත්මක කරන ශිෂ්‍ය මර්ධනය වහා නවතා දමන ලෙස ඉල්ලමින්,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය,විරෝධතාව සංවිධානය කර තිබිණි.

පේරාදෙණිය ශිෂ්‍ය සංගම් මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතා පාගමන , එතැන් සිට මහනුවර දක්වා ගමන් කිරීමට සූදානම් කර තිබූ නමුත් පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී මෙලෙස කදුළු ගෑස් ප්‍රහාර එන්න කළේ ය.