ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලබාදීමට පියවර

ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලෝක බැංකු මුල්‍ය ප්‍රතිපාදනවලින් ලබාදීමට පියවර

by Staff writer 23-05-2023 | 7:38 AM

COLOMBO (News 1st) - ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ ලබාදීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ, මේ වන විටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් මතුව ඇති බවයි.

එම ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ අවශ්‍ය කටයුතු සිදුකර ඇති බව ද වෛද්‍යවරයා පැවසීය.