කිසිදු වෙනසක් නොමැතිව ඉන්ධන කෝටාව අඛණ්ඩව

කිසිදු වෙනසක් නොමැතිව ඉන්ධන කෝටාව අඛණ්ඩව.. - බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 23-05-2023 | 6:18 AM

COLOMBO (News 1st) - පවතින ඉන්ධන කෝටාවේ කිසිදු වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

පවතින ඉන්ධන තොග හා ඉන්ධන මිලදී ගැනීමට පවතින හැකියාව ආදි කරණු සැලකිල්ලට ගෙන එම ඉන්ධන කෝටා ක්‍රමය පවත්වාගෙන යාමට අදහස් කරන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවිශ්ට වන සෙසු ජාත්‍යන්තර සමාගම් ඉදිරියේදී මෙරට අයෝජනය කිරීමෙන් අනතුරුව දැනට පවතින ඉන්ධන කොටා ක්‍රමය වෙනස් වනු ඇති බවයි.