පාස්පෝට් ගන්න රටපුරා කාර්යාල 50ක්

මේ වසර තුළ E-Passport: පාස්පෝට් ගන්නත් රටපුරා කාර්යාල 50ක් - ටිරාන් අලස්

by Staff writer 22-05-2023 | 11:13 AM

COLOMBO (News 1st) – දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි..

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද(22) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැදවමින් ය.

E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.