ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

පොහොර මිලදී ගැනීමට ගොවීන්ට වවුචර් නිකුත් කිරීම අද සිට..

by Staff writer 22-05-2023 | 8:38 AM

COLOMBO (News 1st) – යල කන්නයේ වී වගාවේ නිරත ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමේ වැඩපිළිවෙළ අදින්(22) ආරම්භ වෙයි.

අදාළ සහනාධාරය හිමිවීමට නියමිත ගොවීන් සංඛ්‍යාව, හයලක්ෂ පනස් දහසකි.

ඒ අනූව හෙක්ටයාරයක වී වගාවක් සඳහා රුපියල් 20,000ක සහනාධාර මුදලක් හිමිවෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ ගොවීන්ගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් ඔවුන්ට අවශ්‍ය රසායනික හෝ කාබනික පොහොර මිලදී ගැනීම සඳහා අදාල සහනාධාරය ලබාදෙන බවයි.

ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 10 කි. 

රජයේ පොහොර සමාගම් දෙක සපයන රසායනික හෝ කාබනික පොහොර ගොවි ජන සේවා මධ්‍යස්ථාන සහ පෞද්ගලික අංශය මගින් මිලදී ගැනීමට අවස්ථාව සළසා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.