දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි..

by Staff writer 22-05-2023 | 6:55 AM

COLOMBO (News 1st) –  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

උතුරු පළාතෙත්, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 ක පමණ තද සුළං ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.