ගල්කිස්සේ පුද්ගල ඝාතනයක්

තියුණු ආයුධයකින් පහරදී ගල්කිස්සේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 22-05-2023 | 9:26 PM

COLOMBO (News 1st) - ගල්කිස්ස, 4 වන පටුමග ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, අවුරුදු 32 ක් වයසැති වෙළෙඳසැල්හිමියෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

සැකකාර පුද්ගලයා සහ වෙළෙඳසැල්හිමියා අතර ඇතිවූ බහිස්බස් වීමක් දුරදිග යාමෙන්, මෙම ඝාතනය සිදුව ඇත.

වෙළදසැල්හිමියා අත තිබූ තියුණු ආයුධයක් රැගෙන, අදාළ පුද්ගලයා මෙම පහරදීම සිදුකර ඇති අතර, ඔහු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.