.webp)
ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වෙන බවයි.
එහිදී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සංචාරයක නිරත වන දෙවැනි අවස්ථාව මෙයයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජපාන හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපතිවරයා සහභාගී විය.