රමීෂ් සශිංක හෙවත් රමියා The Voice Sri Lanka කිරුළ දිනා ගනී.

by Staff writer 21-05-2023 | 7:25 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකීය  තාරුණය ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තබන, ද වොයිස් ශ්‍රී ලංකා (The Voice Sri Lanka)  කිරුළ දිනා ගැනීමට රමීෂ් සශිංක හෙවත් 'රමියා' සමත් විය.

ඒ ඊයේ (20) රාත්‍රියේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ  අති උත්කර්ශවත් ලෙස පැවති  The Voice Sri Lanka Season 2 අවසන් මහා තරගයේදී ය.

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකාගාරයට රියලිටි කලාව හඳුන්වා දුන් 'සිරස', එහි ප්‍රමුඛයා බව යළි යළිත් සනාථ කරනුයේ, The Voice ජාත්‍යන්තර ප්‍රාසාංගික අත්දැකීම මෙරට ප්‍රේක්ෂකයින්ට තිළිණ කරමිනි.

කෝච් උමාරියාගේ කණ්ඩායම නියෝජනය කරිමින් ශෙහාන් රංගන 

කෝච් කසුන්ගේ කණ්ඩායම නියෝජනය කරමින්, චනූප දේශිත 

කෝච් BnS කණ්ඩායම නියෝජනය කරමින්, චින්තක රොෂාන්ත

කෝච් ශෂිකා කණ්ඩායම නියෝජනය කරමින්  ශෙරෝන් සිල්වා සහ 

කොච් සුපුන්ගේ කණ්ඩායම නියෝජනය කරමින් රමීෂ් සශිංක (රමියා) ගීත ගායනා කරමින් අවසන් මහා තරගය වර්ණවත් කළ හ.

පුහුණුකරුවන් සිව් දෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ මෙවර තරගාවලියට, 5 වන පුහුණුකරු හෙවත් 5th කොච්  කාණ්ඩය යටතේ, මෙවර වොයිස් තරගාවලිය සඳහා නව මුහුණුවරක් එක් කළේ ය.

දස දහස් ගනණක් වූ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු දල්වමින්, 5th කෝච් කාණ්ඩය යටතේ, තරග කළ රමීෂ් සශිංක (රමියා) The Voice තරගාවලිය ජයග්‍රහණය කිරීම සුවිශේෂී අවස්ථාවක් විය.

The Voice Sri Lanka අවසන් මහා තරගය විචිත්‍රවත් අංග රැසකින් සමන්විත විය.