පොලිස් වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකුට තුවාල..

පොලිස් වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකුට තුවාල..

by Staff writer 21-05-2023 | 4:15 PM

COLOMBO (News 1st) - ගම්පොල, අබදෙණිය ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් 18 හැවිරිදි පාසල් සිසුවෙක් තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ,වෙඩි ප්‍රහාරයෙන් නිවසේ සිටි සුනඛයා ද මියගොස් ඇති බවයි.

නීතිවිරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරක් මත අදාළ  නිවස පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

නිලධාරීන්  වැටලීමට ගිය  අවස්ථාවේදී, නිවසේ සිටි සුනඛයා පොලිස් නිලධාරීන් සපා කෑමට උත්සාහ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේ සුනඛයා මෙල්ල කිරීම සඳහා නිලධාරීන් විසින් අහසට වෙඩි තැබීමට පියවර ගෙන ඇතත්, වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සුනඛයා විසින් සපා කා ඇත.

පොලිසිය පැවසුවේ, එහිදී සුනඛයාට වෙඩි තබා ඇති බවත්,වෙඩි ප්‍රහාරය හේතුවෙන් සුනඛයාද මිය ගොස් ඇති බවයි.

වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඒ අසල සිටි පාසල් සිසුවාගේ පාදයකට තුවාල සිදුවී ඇත. 

 සුනඛයා සපා කෑමෙන්, තුවාල ලැබූ පොලිස් නිලධාරීන් සහ තුවාල ලැබූ පාසල් සිසුවා සහ මේ වනවිට ගම්පොළ  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.