.webp)
යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් මහතා සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි.
මේ අතර දහම් පාසල් සහ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන ආශ්‍රිත ඩෙංගු පරිශ්‍ර පරික්ෂා කිරීම් මෙන්ම ඩෙංගු මර්ධන කටයුතු අද (21) සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන එ්කකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන එ්කකයේ ප්‍රජා වෛද්‍ය, ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, එහි පළමු අදියර අද කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බවයි.
මේ අතර ළඟා වීමට අපහසු ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීමට පියවර ගෙන ඇති බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ අතර දිවයින පුරා ක්‍රියාත්මක වන ඩෙංගු මර්දන වැඩසටහන්වලට සමගාමීව වයඹ පළාතේ විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ලබන සඳුදා ආරම්භ කරන බව, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා පැවසුවේ ය.
සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 57 ක ඩෙංගු අධි අවදානම් තත්ත්යක් ප්‍රකාශිත අතර, එම ප්‍රදේශවල මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසීය.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,419 කි.
ඉන් වැඩිම රෝගින් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවන අතර එය 7,978 කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,411 හා කළුතර දිස්ත්‍රික්කයෙන් 2,121 ක් මේ වන විට වාර්තා වන බව, ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ය.