ඩෙංගු මඩින්න නව වැඩපිළිවෙළක්..

ඩෙංගු මඩින්න නව වැඩපිළිවෙළක්..

by Staff writer 21-05-2023 | 4:12 PM

COLOMBO (News 1st) - ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන්  ව්‍යාප්ත වීම හේතුවෙන්, සතියට එක් දිනක් තම අවට පරිශ්‍ර පවිත්‍ර කිරීමට කටයුතු කරන්නැයි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාශල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා දැනුම් දී තිබේ.

පළාත් ආණ්ඩුකාරවරයා දැනුම් දෙන්නේ, පාසල් රාජ්‍ය  සහ පෞද්ගලික ආයතන ඇතුළු, සියලු පරිශ්‍ර පවිත්‍ර කිරීම සඳහා සතියට එක් දිනක් පැයක කාලයක් යොදා ගන්නා ලෙසයි.

ඊට අදාළ  චක්‍ර ලේඛය නිකුත් කර ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.