අන්තරේ නව කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්

අන්තරේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් පත් කෙරේ..

by Chathuranga Rajapaksha 21-05-2023 | 9:21 AM

COLOMBO (News 1st) -  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස මධුෂාන් චන්ද්‍රජිත් මහතා පත් කර තිබේ.

මධුෂාන් චන්ද්‍රජිත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුවෙක් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වසන්ත මුදලිගේ මහතා මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරනු ලැබුවා.