බොරැල්ලේ වෙඩි වරුසාවක්: පුද්ගයෙක් මරුට..

බොරැල්ලේ වෙඩි වරුසාවක්: පුද්ගයෙක් මරුට..

by Staff writer 20-05-2023 | 2:03 PM

COLOMBO (News 1st) - බොරැල්ල, ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා වෙඩි තැබීමෙන් තුවාල ලබා අද උදෑසන කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු  වෙඩි 
වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබේ.

මියගොස් ඇත්තේ කැලණියේ පදිංචි වයස 53 හැවිරිදි  පුද්ගලයෙකි.

ඔහු කාර්යාල පිරිසිදු කිරීමේ සේවාවන් සිදුකරන ආයාතනයක, හිමිකරුවෙකු බව වාර්තා වේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති අතර, සැකකරුවක් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.