.webp)
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, අදාල නිලධාරීන් පොලිස් විනය සංග්‍රහයේ සඳහන් විනය විරෝධි ක්‍රියාවන් සිදුකර ඇතැයි අනාවරණ වී ඇති බවයි.
ඒ අනුව, උපපොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, කොස්තාපල්වරයෙක් සහ කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනෙකු වැලිකඩ පොලිස් ස්ථානයේ සිට කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස වෙත මාරු කර ඇති බවයි.
මීට අමතරව වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන්නැයි, පොලිස්පතිවරයා විසින් විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ නිකුත් කර ඇතැයි ද නිවේදනයේ සඳහන් වේ.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි.
නිවසක දේපොළ සොරාගැනීමක් සම්බන්ධයෙන් එම නිවසේ මෙහෙකාරිය පසුගිය 11 වැනි දා අත්අඩංගුවට ගැණුනු අතර ඇය රෝහල්ගත කර තිබුණේ, හදිසියේ ඇති වූ ස්වසන අපහසුතාවයක් හේතුවෙනි.
මියගිය කාන්තාව 42 හැවිරිදි බදුල්ල දෙමෝදර පදිංචිකාරියකි.
ඥාතීන් සහ වෙනත් පාර්ශ්ව මරණය ගැන සැක පළ කිරීම හේතුවෙන්, මේ පිළිබඳව විමර්ශනය කරන්නැයි, පොලිස්පතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර තිබුණි.
එම විමර්ශනයෙන් අනාවරණ වූ කරුණු මත මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.